බිත්තර මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..

Sri Lanka Food Crisis Egg Latest Headlines Decision Making
By krishani Feb 11, 2024 06:10 PM GMT
krishani

krishani

in ආහාර
Report

ලබන සතියේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දැමෙනු ඇත.

බිත්තර මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.. | Eggs Price In Sri Lanka

ඒ බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තොග වෙළෙඳුන්ට ගොවිපොලෙන් බිත්තරයක් රුපියල් 53 ක් හෝ 54 ක මිලකට ලැබෙන බවත් තොග වෙළෙදුන් බිත්තරයක් රුපියල් 58 ක් හෝ 59 කට සිල්ලර වෙළෙදුන්ට සපයන බවත් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඇන්ටන් අප්පුහාමි සඳහන් කළේ රුපියල් 53 ට හෝ 54 ලැබෙන බිත්තරයකට ප්‍රවාහන වියදම් රුපියලක් සහ තවත් රුපියල් 3 ක් එකතු කර සිල්ලර වෙළෙදුන්ට සපයන බවයි.