අඩුම ගාණට දුන්න බිත්තර - ගේනවත් ඒකකම බිත්තර වලට වුණේ මොකක්ද දන්නව ද?. මේ ඒ ගැනයි.

Lanka Sathosa Sri Lanka Food Crisis Egg Latest Headlines
By krishani Dec 20, 2023 04:44 PM GMT
krishani

krishani

in ආහාර
Report

බිත්තර මිල පාලනයට රජය ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර අඩු මිලට ජනතාවට ලබාදීමට පියවර ගැණින.

අඩුම ගාණට දුන්න බිත්තර - ගේනවත් ඒකකම බිත්තර වලට වුණේ මොකක්ද දන්නව ද?. මේ ඒ ගැනයි. | Eggs Price In Sri Lanka

ඒ අනුව අද (20) සිට ආනයනික බිත්තර සතොස මගින් මිල දී ගැනීමට හැකි ය.

එලෙස පවසා තිබුණ ද ඇතැම් සතොස අලෙවිසැල්වල බිත්තර නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කළේ ය.

එමෙන්ම ඔවුන් සඳහන් කළේ, දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සතොස අලෙවිසැල්වලට බිත්තර ලැබී තිබුණ ද, කෙටි කාලයක් තුල තොග අවසන් වී ඇති බවයි.

බිත්තර නිෂ්පාදකයන් ඉතා ඉහළ මිලකට බිත්තර අලෙවි කිරීමත් සමඟ මිල පාලනය සදහා රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරිමට කටයුතු කළේ ය.

ඉතිහාසයේ පළමු වතාවට, ඩොලරයත් ඉක්මවා අහස උසටම ගිය ලොකු ලූණු - ඒ ගැන මෙරටින් ඇහෙන අලුත්ම කතාව මොකක්ද දන්නවා ද?.

ඉතිහාසයේ පළමු වතාවට, ඩොලරයත් ඉක්මවා අහස උසටම ගිය ලොකු ලූණු - ඒ ගැන මෙරටින් ඇහෙන අලුත්ම කතාව මොකක්ද දන්නවා ද?.


ඒ සමඟ මිල පාලනය වුවද යලිත් වරක් බිත්තර මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින් කටයුතු කළ අතර ඒ අනුව ජනතාවට සහන සැළසීම සඳහා රජය තවදුරටත් බිත්තර ගෙන්වීමට තීරණය කළේ ය.

ඒ අනුව බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ඉන්දියාවෙන් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ද හිමි විය.

මෙම බිත්තර සතොස මගින් සහන මිලට ලබාදීමට පියවර ගැණින.

අඩුම ගාණට දුන්න බිත්තර - ගේනවත් ඒකකම බිත්තර වලට වුණේ මොකක්ද දන්නව ද?. මේ ඒ ගැනයි. | Eggs Price In Sri Lanka

මේ අතර, සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ මිල ගණන් ඉහළ යාම සහ ඇතැම් ප්‍රදේශවල පවතින බිත්තර හිඟය හේතුවෙන් උත්සව සමයේ කේක් නිෂ්පාදනය සියයට 50 කටත් වඩා අඩුවනු ඇති බවයි.

කෙසේ වෙතත්, එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ  බිත්තර ගැටලුව උත්සව සමයේ අනෙකුත් බේකරි නිෂ්පාදනවලට ද විශාල බලපෑමක් එල්ල කර ඇති බවයි.