බිත්තර මිල දැනෙන ගාණකින් අඩු වෙයි - හැබැයි ලබා ගත හැක්කේ මෙහෙමයි..

Sri Lanka Politician Sri Lanka Food Crisis Nalin Fernando Egg Latest Headlines
By krishani Dec 17, 2023 10:52 AM GMT
krishani

krishani

in ආහාර
Report

අද (17) බිත්තර මිලියන 15ක් රැගත් නැවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ උත්සව සමයේ වෙළෙඳපොළ තුළ බිත්තර මිල පාලනය සඳහා ය.

බිත්තර මිල දැනෙන ගාණකින් අඩු වෙයි - හැබැයි ලබා ගත හැක්කේ මෙහෙමයි.. | Eggs Price In Sri Lanka

පසුගිය සමයේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර සතොස සහ සුපිරි වෙළෙඳසැල් ඔස්සේ රුපියල් 35ක මිලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කළේ ය.

නමුත් මේ වන විට එනම් උත්සව සමය එළැඹීමත් සමඟ ක්‍රමයෙන් දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව පසුගිය සමයේ රුපියල් 37ක පැවති දේශීය බිත්තර මිල මේ වනවිට රුපියල් 65 සීමාව ඉක්මවා ඇත.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් බිත්තර මිල පහළ දැමීම සඳහා තවදුරටත් බිත්තර ආනයනයට අවසර දෙන බවයි.

හෙට තමයි ඒ දවස - බිත්තර වලට කුමක් වෙයි ද?. හෙට කරන්න යන දේ මෙන්න.

හෙට තමයි ඒ දවස - බිත්තර වලට කුමක් වෙයි ද?. හෙට කරන්න යන දේ මෙන්න.


ඒ අනුව බිත්තර මිලියන 15ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 35ක මිලකට සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව පවතින බව වැඩිදුරටත් ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව කියා සිටින්නේ බිත්තර ආනයනය කිරිම සම්බන්ධයෙන් ගත් තීරණය අමාත්‍යවරයා ගත් කාලෝචිත තීරණයක් බවයි.