වෙළෙඳපොළෙහි බිත්තර හිඟයක්?..

Sri Lanka Economy of Sri Lanka
By krishani Nov 13, 2022 04:47 AM GMT
Report

බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බවත් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ පවතින වෙළෙඳපොළ තත්ත්වය හමුවේ රජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලු සහගත බවය.

රුපියල් 55ක මිලක් ලබා දෙන්නේනම් වෙළෙඳපළේ පවතින බිත්තර හිඟය මගහැරෙනු ඇති බවද සරත් රත්නායක මහතා පැවසීය.