ආසාවෙන් බිත්තරයක් කාලත් හමාර ද?. කරළියට ආ බිත්තර..
මෙරට බිත්තර නිෂ්පාදනය පහළ ගොස් ඇති බව වාර්තා වේ.
එය පසුගිය වසරේ දී මෙරට තුළ සිදුකළ බිත්තර නිෂ්පාදනය මිලියන 1604ක් දක්වා 13.2%කින් අඩු වී ඇත.
ඒ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සත්ත්ව ආහාර හිඟය සහ මව් පක්ෂීන් ආනයනය අඩු වීම බිත්තර නිෂ්පාදනය පහළ යාමට හේතු වී ඇති බව සඳහන් වේ.
මේ අතර, පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ය.
ඒ අනුව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අදාළ ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.