හිඟයි කිවුවා..නෑ කිවුවා.. හිතාගන්නවත් බැරි විදිහට ලාභ අරන් බිත්තර ව්‍යාපාරිකයෙක් හෙලිකොප්ටරයක් මිලදී ගත් හැටි හෙළිවෙයි? - (VIDEO)
දැනට වෙළෙඳපොළේ පවතින බිත්තර අලෙවි මාෆියාව තුළින් අධික ලාබ ඉපයූ බිත්තර ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිල දී ගැනීමට තරම් ධනවතකු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
බිත්තරයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල රුපියල් 31ක් වුවද එය පාරිභෝගිකයන් අතට පත්වන්නේ රුපියල් 50 – 55ත් අතර මිලකටයි.
ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)
ඒ අනුව බිත්තර ව්‍යාපාරිකයන් අසීමාන්තික ලාභයක් උපයනු ලබන අතර බිත්තර ව්‍යාපාරිකයන් බහුතරයක් තම නිෂ්පාදිත බිත්තර තොග පෞද්ගලික ගබඩා තුළ තබාගෙන වෙළෙඳපොළේ බිත්තර හිඟයන් මවා පාමින් බිත්තර මිල ඉහළ නැංවීමේ කූට වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බවට රජයේ පශු සම්පත් අංශ වෙත වාර්තා වී ඇත.
පාරිභෝගිකයන් ගසාකමින් අසීමාන්තිකව ලාභ උපයමින්, පෞද්ගලිකව සුඛ විහරණය සඳහා හෙලිකොප්ටර් පවා මිල දී ගන්නා බිත්තර ව්‍යාපාරිකයන් පිළිබඳ පාරිභෝගික ජනතාව කනස්සල්ල පළ කරන බව පශු සම්පත් අංශ සඳහන් කරනවා.