ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් අසල හෝටලයකින් මිනිස් අසූචි මිශ්‍ර බිත්තර පාන් හමුවෙයි.

By Wayomi Nov 03, 2022 07:46 AM GMT
Report

ගාල්ලේ රිච්මන්ඩ් පාසල අසල හෝටලයක මිනිස් අසූචි සහිත බිත්තර පාන් අලෙවි කිරීම සම්බන්ධයෙන් එහි හිමිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඇයට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් රුපියල් දස දහසක දඩයක් නියම කරනු ලැබුවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම කාන්තාවගේ හෝටලයේ අලෙවි කිරීමට තිබූ බිත්තර පාන් ලබා ගෙන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ආහාර රසායනාගාරය වෙත යවා ලබා ගන්නා ලද වාර්තාවට අනුව එම බිත්තර පාන්වල මිනිස් අසූචි ඇති බවට හඳුනාගැනුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW