අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් - (VIDEO)

Gampaha district Nittabuwa Anura Kumara Disanayake egg attack
By Sewvandhi Jan 30, 2022 02:27 PM GMT
Report

ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබේ. පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙක් අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණි.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයන්ගේ මැදිහත්වීමන් අල්ලාගෙන තිබුණි. අනතුරුව පුද්ගලයින් දෙදෙනා නිට්ටඹූව පොලීසිය වෙත රැගෙන ගියේය. සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ තිබූ බවය. සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now