බිත්තර සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය - කුකුළු මස් මිලෙහිත් වෙනසක්..

Food Shortages Sri Lanka Food Crisis Egg Latest Headlines
By Sewvandhi Mar 30, 2024 08:37 AM GMT
Report

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බවයි.

ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි, එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් ක‍ළේ.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ,ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කරන බවය.