අත්‍යාවශ්‍ය ආහාර මිල තවත් ඉහළට..? ආනයනයකරුවන්ගේ සංගමය කියන කතාව..

sri lanka Economic fuel price Basil Rajapksha Essential goods
By Sewvandhi Mar 12, 2022 02:51 AM GMT
Report

එළඹෙන උත්සව සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනික භාණ්ඩවල මිල තීරණය වන ආකාරය සම්බන්ධයෙන් තවමත් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ඔවුන් පෙන්වාදෙයි.

ඒ අනුව, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තීරණය වන ආකාරය පිළිබඳව ඉදිරි සතියේදී යම් එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර, අද (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන්, බත් පාර්සල්, තේ සහ බේකරි නිෂ්පාදන වල මිල ඉහළ නංවා තිබේ. ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රු30කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර සෙසු බේකරි නිෂ්පාදන වල මිලද රුපියල් 10කින් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මීට අමතරව කෑම පැකට්ටුවක මිල රුපියල් 20කින් හෝ 30කින් ඉහළ යා හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළයාම හමුවේ  සියලු භාණ්ඩ මිල ඉහළයාමක් සිදුවන අතර ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now