විදුලි ගාස්තු සංශෝදනයට අදහස් විමසීමේ විශේෂ මහජන උපදේශන සැසිය
                                    
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.
එම සැසිය කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ලබන අඟහරුවාදා(27) පැවැත්වීමට නියමිත බව සඳහන්.
එමෙන්ම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන සිය නිර්දේශය සිකුරාදා එනම් 30 ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි වාර්තා වෙන්නේ.
අඟහරුවාදා (27) පැවැත්වෙන මෙම මහජන අදහස් විමසීම් වටය අවසානයේ කොමිසමට අලුතින් පත් වූ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ තීරණය දැනුම් දීමට නියමිතයි. 
 
                 
                 
                                             
        
     
     
     
     
    