විදුලි බිල යලිත් ඉහලට..! - බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ,එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළදැමීමට පියවර ගන්නා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා,
"අනිවාර්යයෙන්ම ගාස්තු සංශෝධනයක් සිදුවෙනවා. ඒ ගාස්තු සංශෝධනය සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. නෛතික බලය වෙනුවෙන් තහවුරු කිරීම නීතිපතිවරයා විසින් ලබාදීලා තියෙනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට, විදුලිබල අමාත්‍යවරයා හැටියට මට, පනතේ තියෙන බලතල ප්‍රකාරව ඒ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් පවතිනවා.
අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන සතිය වනවිට කැබිනට් මණ්ඩලය වෙත, මම හිතන්නේ ඊළඟ කැබිනට් මණ්ඩලය තියෙන ජනවාරි මාසයේ දෙවනදා වනවිට සවිස්තරාත්මක වාර්තාව, විදුලි බිල වැඩිවිය යුත්තේ කෙසේද, වැඩිකළ යුතු ආකාරය කෙසේ ද ? මේ කියන සියලුම කරුණු ටික සවිස්තරාත්මක තොරතුරුත් එක්ක අපි කැබිනට් මණ්ඩලයට ලබාදීමටත්, ජනවාරි මාසයේ අනිවාර්යයෙන්ම අපි විදුලිබිල වැඩිකිරීමටත් කටයුතු කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |