අධ්‍යාපනය ක්‍රමයෙහි වෙනසක් - පළමු ශ්‍රේණියේ සිටම කරන්න යන දේ..
තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීම 2023 වසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිත අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩසටහනේ සමාරම්භයට ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්වූ අතර ඊට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
දිවයිනම ආවරණය වන පරිදි පුහුණුකරුවන් 450ක් පමණ මේ සඳහා තෝරාගෙන ඇති අතර විධිමත් නේවාසික පුහුණුව ලබා දීමෙන් අනතුරුව සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ පළමු පංතියට උගන්වන ගුරුවරුන් එම පුහුණුකරුවන් ලවා පුහුණු කිරීම සිදු කරනු ලැබෙනවා.
පළාත්‍බඳව සිදුකෙරෙන මෙම ගුරුවරුන් පුහුණුකිරීමේ වැඩසටහනින් අනතුරුව 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |