අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරියේදී කරන්න යන දේ මෙන්න..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Aruna May 25, 2022 07:57 AM GMT
Report

විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, පෙළපොත් බෙදා දීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි නිසි කලට සිදු විය යුතු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේ බව ඔහු ප්‍රකාශ කළේ අද (25) නව අධ්‍යාපනවරයා ලෙස එම්. නිහාල් රණසිංහ මහතා සිය ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ දී යි.

වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙවන් ආර්ථික අපහසුතා සහිත අවස්ථාවක දරුවන්ට දිවා ආහාරය ලබා දීම මෙන් ම පිරිවෙන් අංශයේ කාර්යන් යථාවත් කිරීමත් ඉතා විධිමත් ව හා කඩිනමින් සිදු කළ යුතු බවයි.

තව ද රටක පරිපාලන ව්‍යුහය සකස් වී ඇත්තේ යම් ක්‍රමවේදයකට බවත් ඉන් බැහැර වූ විට අතුරු ප්‍රශ්න පැනනගින බවත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ද විධිමත් ක්‍රියාපටිපාටීන්ට අනුකූල ව එම පරිපාලන ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now