මෙරට උසස් පෙළ සිසුවෙක් අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂා කරන්න යයි.. එකවරම සිදු වූ දේ මෙන්න..

Ministry of Education Cyber Attack Education
By Aruna Apr 05, 2024 07:33 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඊයේ (04) එල්ලවූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය විසින් මෙම වෙබ් අඩවිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතුවල නිරතවන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම්දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එය යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවත්, අද දිනය තුළ මෙම කටයුතු සිදුකිරීමට හැකිවනු ඇති බවයි.

උසස් පෙළ සිසුවෙකු බව කියන අයෙකු මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සඳහන් වන්නේ.

කෘත්‍රිම බුද්ධිය විෂය හදාරණ ඔහු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වාදීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී රජයේ නිල වෙබ් අඩවි ගණනාවකටම සයිබර් ප්‍රහාරයන් එල්ල වුණා.