2022 සා.පෙළ විභාගය පැවැත්වෙන කාලය මෙන්න..
මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් අතර කාලයේ සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට අපේක්ෂා කරන බවත් දෙසැම්බර් මාසයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
තවද අධ්‍යාපන මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කර පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සතියකින් නිකුත් කිරීමට නියමිත බව ද අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දීය.
එම චක්‍රලේඛය සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවද ඒ මහතා කීවේය.
සිසුන් ලක්ෂ එකොළහකට ලබා දෙන පෝෂණ ආහාර වේල සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවත් එම මුදල දෙගුණයක් කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් කී ඇමැතිවරයා පවතින ආර්ථික අර්බුදය හමුවේ සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.
ඒ සඳහා සහයෝගය ලබා ගැනීමට ජාත්‍යන්තර ආයතනය සමග සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |