පාසල් දරුවන් සම්බන්ධයෙන් හෙට සිට කරන්න යන දේ මෙන්න..
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් දරුවන් ප්‍රවාහනයයේදී සිදුවන බලපෑම අවම කිරීම අරමුණු කරගනිමින් පාසල් බස් රථ සේවාව පුළුල් කොට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුනි 15 වනදා,එනම් හෙට දිනයේ සිට කොළඹට ඇතුළු වන ප්‍රධාන ප්‍රවේශ මාර්ගවල ධාවනය වන පරිදි නව පාසල් බස් රථ සේවා 20 ක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
''නව පාසල් බස් රථ 20ක්, 15 වැනිදා සිට පාසල් බස් රථ සේවය සදහා යෙදවෙනවා. මාසයක කාලපරිච්ඡේදයක් තුළදී මෙම බස් රථ සේවාව 20 සිට 50 දක්වා වැඩි කරන්න ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කරනවා.
බස් රථ සම්බන්ධයෙන් ගත්තොත් අද දෙමාපියන්ට තම දරුවන් පාසලට යැවීමේදී වෑන් රථ සදහා ගෙවන්නට සිදුවන මුදල විශාල ලෙස ඉහළ ගොස් පැවතීම නිසා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන් දෙමාපියන් විදුලිපතිවරුන් ඇතුළු විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ගමනා ගමන මණ්ඩලයෙන් කරලා තියෙනවා.
සිසු සැරිය තවදුරටත් ව්‍යාප්ත කරන්න. නමුත් එය තරමක් අසීරු මූල්‍යමය තත්ත්වයක් නිසා, පාසල් බස් රථ පුළුල් කොට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා.''
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |