උසස් පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්.. ප්‍රතිඵල නිකුත් කරන දිනවකවානු දැනුම්දෙයි..

Ministry of Education G.C.E.(A/L) Examination
By Aruna Mar 19, 2023 04:12 AM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ,එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි.

ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 300කට ආසන්න පිරිසකට කැඳවීම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අතර, විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද සිටිනවා.

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් සම්පාදනය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණ වන පරිදි සිසුන් විසින් සපයන ලද පිළිතුරු පත් කිහිපයක් අහඹු ලෙස තෝරා ගැනෙනවා.

අදාළ ප්‍රශ්න පත්‍ර සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු හා සිසුන් විසින් ඉදිරිපත් කර ඇති පිළිතුරු පත් විශ්ලේෂණය කරන බවයි විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

ඉන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා කර විභාගයට පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සකස් කෙරෙනවා.

එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

යම් හෙයකින් එම සාකච්ඡා සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහභාගී වන්නේ නම් ලබන 27වනදායින් ආරම්භ වන සතිය තුළ උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් තමන්ට ලබා දෙන දීමනාව වැඩි කරන තෙක් ඇගයීම් කටයුතු සඳහා සහභාගී නොවන බවයි ගුරු සංගම් පසුගිය කාල සීමාවේ පැවසුවේ.

විභාග ඇගයීම් කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට දෛනික දීමනාව රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමුවද, එයද ප්‍රමාණවත් නොවන බව ගුරු සංගම් පෙන්වා දෙනවා.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු සඳහා සාමාන්‍යයෙන් ගුරුවරුන් 19,000ක් පමණ අවශ්‍ය වනවා. කෙසේ වෙතත් මේවනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 14,000ක් ඉල්ලුම් කර ඇති බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.

ඒ අනුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සඳහා එක් වී අවසන් තීරණයකට එළඹුන හොත් දැනට ඉල්ලුම් කර ඇති ගුරුවරුන් යොදා ගනිමින් දින ගණන වැඩි කරමින් සහ පිළිතුරු පත් පරීක්ෂා කරන වේලාව වැඩි කරමින් ඇගයීම් කටයුතු සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දිවයිනේ ප්‍රධාන පාසල් කේන්ද්‍ර කර ගනිමින් ඇගයීම් කටයුතු සිදු කිරීමටයි එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

ජුනි මාසය අවසන් වන විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණේ.

ලබන 27වනදායි ආරම්භ වන සතිය තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් ජූනි මාසය අවසන් වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.