ප්‍රධාන පලාතක පාසල් ගැන රතු එළියක්..

Ministry of Education Sri Lanka Northern Province of Sri Lanka
By Aruna Nov 01, 2022 07:02 AM GMT
Report

2020 වසරේ රට පුරා පැවති කොරෝනා වසංගතය හේතුවෙන් හා ඊට පසු ව ඇති වූ ආර්ථික දරිද්‍රතාව හේතුවෙන් උතුරු පළාතේ පාසල් සිසුන් පාසල් අතහැර යාමේ ශීඝ්‍රතාව ඉතා ඉහළ ගොස් ඇතැ යි උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. උදයකුමාර් ප්‍රකාශ කරන්නේ, 2020 වසරේ දී කොරෝනා ව්‍යවසනය හට ගැනීමෙන් පසු ව වයස අවුරුදු 14 හා 16 අතර උතුරු පළාතේ සිසුන් 485 දෙනෙකු පාසල් අධ්‍යාපනය හැර ගොස් විවිධ රැකියාවන් තෝරාගෙන ඇති බව යි.

2021 වසරේ දී පාසල් හැර ගිය සංඛ්‍යාව 105ක් දක්වා අඩු වී ඇතත් 2022 වසරේ මේ දක්වා කාලය ඇතුළත උතුරේ පාසල් සිසුන් 519 දෙනෙකු මේ වන විට පාසල් හැර ගොස් ඇති බව ද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමාපියන්ගේ ජීවනෝපාය අහිමි වී ඇති බැවින් පාසල් සිසුන් පළාත හැර කොළඹ ඇතුළු ප්‍රදේශවලට රැකියා සොයා ගොස් ඇති නිසා මේ තත්ත්වය උද්ගත ව ඇති බව යි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now