රට පුරා සියලු පාසල් සිසුන්ට විදුලියෙන් රතු එළියක්..
අද සිට ජූලි 03 වනදා දක්වා දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේදී කොටස් 02ක් වශයෙන් කලාප අනුව විදුලිය කප්පාදු කෙරෙනවා.
කෙසේවෙතත් උදෑසන කාලයේදී විදුලි කප්පාදුවක් සිදුවුවහොත් එවැනි තත්ත්වයකදී ඔන්ලයින් ක්‍රමය හරහා පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අවධානයක් ලබාදීමට නොහැකි බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, රට තුළ පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුව සිදුකිරීම සහ පාසැල් අධ්‍යයන කටයුතු සිදු කිරීම යන කරුණු දෙකම සම්බන්ධයෙන් එක ලෙස ප්‍රමුඛතාව ලබාදිය නොහැකි බවයි.
කෙසේවෙතත් අද සිට 03 වනදා දක්වා විදුලිය කප්පාදු කෙරෙන කාලසටහනට අනුව විදුලි කප්පාදුව ආරම්භ කෙරෙන්නේ පස්වරු 1.00 ටයි.
ඒ අනුව අද සිට 03 වනදා දක්වා වූ කාලය තුළ A සිට L සහ P සිට W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත්තේ.
කෙසේවෙතත් CC කලාපය සඳහා ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 6 සිට උදෑසන 08 දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
මේ අතර M,N,O,Y,Z යන කලාප සඳහා ද ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 5 සිට උදෑසන 08 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |