පාසල් දින ගණන අඩු කිරීමේ තීරණයක්?.ඇමති කියයි.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Aruna Jun 12, 2022 04:01 AM GMT
Report

පාසල් පවත්වන දින ගණන අඩු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය දිනවල ගුරුවරුන්ගේ මෙන්ම සිසු සිසුවියන්ගේ පැමිණීම යහපත් ප්‍රතිශතයක පැවති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ පාසල් දරුවන්ට ඉදිරි කාලයේ යම් සහන ලබාදීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වෙන දින ගණන සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් පළ කරමින්.