ගසක් කැපුවාට ගමෙන්ම නෙරපා දමයි...

By Sewvandhi Dec 14, 2022 11:57 AM GMT
Report

59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ ගසක් කපා දැමීම හේතුවෙන් තමා පදිංචි නගරයට වසර පහළොවක කාලයක් යනතෙක් ඇතුළුවීම තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා 

වසර 15 ක තහනමට අමතරව සති 6 ක සිරදඬුවමක් නියම කිරීමටත් එය මාස 18 කට අත් හිටුවිමටත් අධිකරණය නියෝග කර තිබේ. එසේම තම අසල්වැසියා සමඟ සන්නිවේදනය කිරීමද තහනම් කර ඇත.

ඒඩ්‍රියන් ස්ටේයාර්ස් බ්ලිස්වර්ත් නගරයේ පදිංචිකරුවකු වන අතර තම අසල්වැසියාගේ ගෙවත්තේ සිටවා තිබූ අනුස්මරණ ගසක් විදුලි කියතකින් කපා තිබේ.

දඬුවම නියම වීමෙන් පසු තමන් ගසක් කැපීමට නොව මිනීමැරුමකට වරදකරුවෙකු වූ බව දැනෙන බව ඔහු ප්‍රකාශ කර ඇත. ඒඩ්‍රියන් හට වයස 74 වන තෙක් බ්ලිස්වර්ත් නගරයට පැමිණිය නොහැකි අතර එසේ පැමිණිය හොත් සිරගත වීමට සිදුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now