රටේ බලාපොරොත්තු ඉහළ නංවන සුභ ආරංචියක්..
Central Bank of Sri Lanka
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
By Aruna
මැයි මාසයේ මෙරට උද්ධමනය සියයට 22 යි දශම 1 ක් දක්වා පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයයේදී මෙරට උද්ධමනය සියයට 33 යි දශම 6 ක් ලෙස පැවති බවයි.
අප්‍රේල් මාසයයේදී සියයට 27 යි දශම 1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි මාසයේදී සියයට 15 යි දශම 8 ක් දක්වා පහත වැටී තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ, අප්‍රේල් මාසයේදී සියයට 39 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි මාසයේදී සියයට 27 යි දශම 6 ක් ලෙස පහත වැටී ඇති බවයි.