මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිගෙන් ප්‍රබල අනතුරු ඇගවීමක්..

Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Economy of Sri Lanka World Economic Crisis
By Sithumini Aug 27, 2024 08:58 AM GMT
Report

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික තත්වය අත්කරගෙන තිබෙන්නේ යම් ආකාරයක ස්ථාවරත්වයක්.

නමුත් පෙර වසරවල පැවති ආර්ථික තත්වය ගත් විට 2021 පැවති තත්වය අනුව මෙරට තුළ දේශපාලන සහ ආර්ථික වශයෙන් දැඩි අස්ථාවරත්වයක් පැවතුණා.

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුණොත් පසුගිය වසර දෙකේදී අත්විදි ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අගවා තිබෙනවා අද පැවැති සමුළුවකට එක්වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කළා.

එහිදි මහබැංකු අධිපතිවරයා කියා සිටියේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විත වන බවයි. එහිදි මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් වන බවත් ඔහු සදහන් කළා.

කෙසේවෙතත් එවැනි උත්සාහයක් කොතෙක් ක්‍රියාත්මක වුවත් ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් හෝ දැඩි ප්‍රයත්නයකින් ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වනවා වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස්කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති කර, පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ඔහු ප්‍රකාශ කලා.

එමෙන්ම වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැයකිරීම් සහ බදු අඩුකිරීම් මඟින් ආර්ථිකය වර්ධනයක් කරා යොමු කිරීම සඳහා රජයට කිසිඳු මූල්‍ය අවකාශයක් නොමැති බවද ඔහු සදහන් කළා.