නවුෆර් මවුලවී ඇතුළු 15 දෙනෙක් වරදකරුවන් - පාස්කු ඉරුදින ප්‍රහාරක නඩුවේ තීන්දුව මෙන්න

2019 Sri Lanka Easter bombings Easter Attack Sri Lanka Sinhala news Breaking News
By R.rishma Sep 22, 2026 12:20 PM GMT
Report

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දදීර්ඝ විමර්ශනයෙන් පසු අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත.

එමෙන්ම සෙසු විත්තිකරුවන් 09දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් මෙහිදී චෝදනා ගොනු කර ඇත.

මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධ, ගිනි අවි ඇතුළු ද්‍රව්‍ය 2,076ක් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය විය.

මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරකයන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක්, කුඩා ළමයින් තිස්පස් දෙනෙකුට ආසන්න පිරිසක් ඇතුළු පුද්ගලයන් 274 දෙනකු මරණයට පත්වූ අතර, තවත් 577 දෙනෙකුට තුවාල සිදුවිය.