ගත වූ පැය 24 තුළ ගෝලීයව සිදු වූ භූ කම්පන ගණන 40 ඉක්මවයි.

Earthquake
By Wayomi Feb 27, 2023 05:54 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ගෝලීයව ගත වූ පැය 24 තුළ භූ කම්පන 44ක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අතුරින් පැපුවා නිව්ගිනියා රාජ්‍යට සහ ජපානයේ හොකයිඩෝ දිවයිනට රික්ටර් මාපකාංක 6 ඉක්මවූ ප්‍රභල භූ කම්පන දෙකකින් බලපෑම් එල්ල වුණා.

කෙසේ නමුත් එමඟින් කිසි වෙකුටත් හානියක් සුදුව නැහැ.

මේ අතර ඉන්දියාවේ හිමාල කදුවැටිය ආශ්‍රිත ප්‍රදේශවලට නුදුරු අනාගතයේ දී භූ කම්පනයකින් බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවනවා.

ඔවුන් පවසන්නේ එමගින් උතුරු ඉන්දියාවේ ප්‍රදේශ වලට දැඩි හානි සිදු වීමේ අවධානමක් ද ඇති බවත් විද්‍යාඥයින් පුරෝකතනය කරන පරිදි එම භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකාංක 8 ක් ඉක්මවනු ඇති බව සඳහන්.

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 2500කට නුදුරින් ශ්‍රී ලංකාව පිහිටා තිබීම හේතුවෙන් ගතවු සති කිහිපය තුළදී අවස්ථා 4 ක බුත්තල හා වැල්ලවාය ප්‍රදේශ අශ්‍රිතව ද භූ චලන වාර්තා වූ අතර ඒවා රික්ටර් මාපකයේ සටහනවී තිබුනේ ඒකක 3.ට අඩු අගයන්වලයි.

නමුත් ඉන්දියාවේ භූ කම්පනයකින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බවයි, මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ නම් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..  

JOIN NOW