චීනයත් භූ කම්පනයකින් සෙලවෙයි.

China Earthquake
By Wayomi Feb 27, 2023 07:55 AM GMT
Report

අද උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ ෂිංජියන් උයුගන් ස්වයං පාලන ප්‍රදේශයේ, අක්ෂු ප්‍රාන්තයේ වෙන්සු ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් ඇති වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) පවසනවා.

ඔවුන් පවසන්නේ, කිලෝමීටර් 10 ක ගැඹුරකින් යුත් මෙම කම්පනය උතුරු අක්ෂාංශ අංශක 41.87 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 79.85 ක් නිරීක්ෂණය කළ බවයි.

භුමිකම්පාවෙන් ජීවිත හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..  

JOIN NOW