භූ කම්පනයෙන් මිය ගිය ගණන 21,000 ඉක්මවයි - ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර..

Turkey Syria Earthquake
By krishani Feb 10, 2023 09:09 AM GMT
krishani

krishani

in ලෝකය
Report

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරින් වැඩිම ජීවිත හානියක් සිදුව ඇත්තේ තුර්කියට වේ.අවම වශයෙන් එහි වැසියන් 17674 ක් මියගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ව්‍යසනයෙන් පැය 100කට අධික කාලයක් ගෙවී ගියත් සුන්බුන් අතර සිරවූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

මේ අතර අමෙරිකානු ඩොලර් බිලියන 1.78ක මූල්‍ය ආධාර තුර්කියට ලබා දෙන බවට ලෝක බැංකුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join