ඉන්දුනීසියාවේ සුමාත්‍රාවල ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවයි?..
අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 3.00 ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, කිලෝමීටර 84ක් ගැඹුරට මෙම භූමිකම්පාව විහිදී ඇති බව සඳහන්.
කෙසේවෙතත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැති අතර , ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට දැනුම් දී ඇති බවයි.
මේ අතර ඊයේ (24) දින ද නවසීලන්තයේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් සිදු වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම භූ කම්පනයේ ප්‍රබලතාව රිච්ටර් මාපක 7.3ක් බවයි.
මේ අතර හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඊයේ (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගැණුනා.
රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හම්බන්තොට ඇතුලු අවට ප්‍රදේශයන් වල ජනතාවට හොදින් දැණුනු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |