ඉන්දුනීසියාවේ ප්‍රභල භූකම්පනයක්..ලංකාවටත් සුනාමියක්ද?

Sri Lanka Indonesia Earthquake
By Aruna Aug 30, 2022 06:50 AM GMT
Report

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එය ඊයේ (29) එම කලාපයට බලපෑ තෙවන භූ කම්පනය ලෙස සඳහන් වේ.

ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නොමැති අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ බලපෑමක් සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now