ලංකාවට ආසන්න ඉන්දියාවේ භූකම්පන මාලාවක්..සුනාමි අනතුරු ඇගවීමක්?..

Sri Lanka India Indonesia Earthquake Weather
By Aruna Jul 21, 2023 03:07 AM GMT
Report

ඉන්දියාවේ මනිපූර්හි අද (21) අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙම භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ 3.5 ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි එරට භූකම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් අවධරණය කළේ.

අලුයම 5.01ට පමණ සිදුව ඇති මෙම භූකම්පනය මනිපූර් හී උක්රුල් ප්‍රදේශයේ කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මීට පෙර රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් ප්‍රදේශයට පැය භාගයක කාලයක් තුළ භූමිකම්පා තුනක බලපෑම දැනී ඇති බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.