ප්‍රබල භූමි කම්පාවකින් රටක් කැළඹෙයි.. පසු කම්පන 80ක් සිදු වෙයි..

United States of America Earthquake
By Aruna Dec 21, 2022 02:38 AM GMT
Report

ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව මේ වන විට කැළඹී තිබෙනවා. ඒ අනුව රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටයි.

භූමි කම්පාව හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා රෝහලගත කළ පුද්ගලයින් ගණන 11 කි.

මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ හම්බෝල්ට් ප්‍රාන්තයෙනි.

නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුවිය.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ 70,000 ක් දෙනා විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි.

ප්‍රධාන භූමිකම්පාවෙන් පසු, පසු කම්පන 80 ක් පමණ හටගත් බව ද පැවැසෙයි. ප්‍රධාන භූමිකම්පාව හටගත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරිනි.

අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now