ප්‍රදේශ දෙකකින් ප්‍රබල භූකම්පන 02 ක්.. ගොඩනැගිලි 126ක් කඩාවැටෙයි..

Australia China Earthquake Weather World
By Aruna Aug 06, 2023 06:34 AM GMT
Report

නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ අද (06) රිච්ටර් මාපාංක 5.5ක භූකම්පනයක් සිදු ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා පවසනවා.

භූකම්පනයෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 126ක් කඩාවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

චීන භූකම්පන ජාල මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට මෙම භූකම්පනය, පිංයුවාන් ප්‍රාන්තයේ ඩෙෂෝ නගරයේ කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයයේ හටගෙන ඇති බවයි සඳහන්වන්නේ.

ආපදා හේතුවෙන් චීනයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර , බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රදේශයේ magnitude ඒකක 5.6ක භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මින් කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

තත්පර 30කට ආසන්න කාලයක් මෙම භූ කම්පනය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

වසර ගණනාවකට පසුව එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය මෙය බවයි සඳහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ ඇල්බනි සිට කිලෝමීටර් 150ක් පමණ උතුරින් පිහිටි Great Southern නගරයේ Gnowangerup හි ඊසාන දෙසින් උදෑසන 5:34ට පමණ මෙම භූමිකම්පාව වාර්තා වී ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ Hadi Ghasemi ප්‍රකාශ කළේ, භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් පැවති බැවින් එය විශාල වශයෙන් දැනුණු බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, ප්‍රදේශයේ ඉතිහාසය දෙස බලන විට භූමිකම්පා බහුලව සිදුව ඇති බවයි.

එසේම පසුගිය වසර 20 තුළ රික්ටර්මාපක හතරක් හෝ ඊට වඩා විශාල භූමිකම්පා 12ක් පමණ හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.