අද රිච්ටර් මාපක 7.3ක තවත් ප්‍රබල භූකම්පනයක්..
Hambantota
Sri Lanka
New Zealand
Earthquake
By Aruna
අද (24) දින නවසීලන්තයේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම භූ කම්පනයේ ප්‍රබලතාව රිච්ටර් මාපක 7.3ක් බවයි.
මේ අතර හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගැණුනා.
රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හම්බන්තොට ඇතුලු අවට ප්‍රදේශයන් වල ජනතාවට හොදින් දැණුනු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි තත්ත්වයක් ඇති විය නොහැකි බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |