ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් 12ක් මිය යයි - ගොඩනැගිලි තුළ සිර වූවන් සොයා හදිසි සේවා ක්‍රියාත්මකයි..
Earthquake
By krishani
දින 6 කට පෙර
දකුණු ඉක්වදෝරයේ ඇති වූ භූ කම්පන තත්ත්වයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් ය.
එම භූ කම්පන තත්ත්වයෙන් ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති අතර වැඩිම හානියක් සිදුව ඇති එල්ඕරෝ නගරයේ ගොඩනැගිලි රැසක් කඩාවැටී ඇති අතර මාර්ග රැසක් ද අවහිර වී ඇත.
ගොඩනැගිලි තුළ සිර වී සිටින පුද්ගලයින් සෙවීම සඳහා හදිසි සේවා කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |