ප්‍රබල භූකම්පනයෙන් මිය ගිය ගණන 4000ට ලං වෙයි..සිදු වූ මහා විනාශය මෙන්න..

Earthquake Weather
By Aruna Feb 07, 2023 01:42 AM GMT
Report

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වනවා.

විදෙස් වාර්තා පැවසුවේ, තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවයි.

දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (06) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8ක භූකම්පනය සහ ඒකක 7.5ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් තුර්කි - සිරියා දේශසීමාවේ නගර රැසකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිලි දහස් ගණනක් බිඳවැටී ඇති අතර මාර්ග ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව තිබේ.

තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඒ සඳහා අමෙරිකාව ඇතුළු රටවල් රැසක සහාය හිමිව ඇති බව වාර්තා වේ.

මේ අතර භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now