භූ කම්පන තත්ත්වයක්..
Indonesia
Earthquake
By krishani
අද (16) උදෑසන බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතට ආසන්න මුහුදු පතුලේ භූ කම්පනයක් සිදුව ඇත.
රිච්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එම හේතුවෙන් කිසිදු බරපතල හානියක් හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතේ වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන සිංකිල් සිට කිලෝමීටර් 40 ක් ගිනිකොන දෙසින් හා කිලෝමීටර් 37ක් ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |