රිච්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූකම්පනයක්..සුනාම් තත්ත්වයක්ද?.

Earthquake
By Aruna Nov 22, 2022 02:57 AM GMT
Report

සොලමන් දුපත් සමුහය අසල රිච්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මේ අතර ඉන්දුනීසියාවේ, ජාවා දුපතේ ඊයේ ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකින් යුත් භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස 700 කට අධික වන අතර කඩා වැටුණු ගොඩනැගිලි වලට යටවී සිටින පුද්ගලයින් සොයා සහන සේවකයින් මෙහෙයුම් දියත් කර ඇත.

කෙසේවෙතත් සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් තවමත් වාර්තා වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now