ජීවිත දෙකක් අවසන් කළ සාද දෙකක් - සියල්ලන් බිය වැද්දූ බිහිසුණු ඝාතන..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 15, 2024 05:51 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දිවයිනේ ප්‍රදේශ දෙකක දී සිදුකළ පහරදීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (14) හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු සවස සාදයකට සහභාගී වී ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් සිදුව තිබේ. පසුව ඒම ගැටුම දුරදිග යාමත් සමග සාදය අවසන් වී ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වී ඇත.

එම අවස්තාවේ දී නැවත් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර පසුව ඔහුව පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පවසන්නේ, එහිදී ඔහු මියගොස් ඇති බවයි.පහරදුන් පුද්ගලයාද තුවාල ලබා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂාව ඇතිව ප්‍රතිකාර ලබමින් සිටී.

ඝාතනයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අතර බෝයවලාන දුන්දෙණිය ජනපදය ප්‍රදේශයේ දී ද පහරදීමකින් ඝාතනයට ලක් ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු දුන්දෙණිය ජනපදය, මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය පවසන්නේ, ඊයේ (14) සවස පැවති සාදයක දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තවත් පුද්ගලයෙකු විසින් තියුණූ ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

දඹදෙණිය රෝහලට ඇතුළත් කර පසු මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකරු, ආරවුලට මැදි වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. බෝයවලාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sponsored By Sarrita Jewellery