දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනාට අද ලැබුණු අධිකරණ නියෝගය.

Sri Lanka Magistrate Court
By Wayomi Mar 27, 2024 09:49 AM GMT
Report

අප්‍රේල් මස 03 වනදා දක්වා දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඒ ඔවුන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුරයි.