නව අගමැති ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙයිද?..අලුත්ම ආරංචිය මෙන්න.
ඊයේ කැඳවා තිබූ විශේෂ කැබිනට් සාකච්ඡාව අවසානයේ දැඩි වාද විවාද මධ්‍යයේ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර වාර්තා වූයේ මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත්වූ සමූහ ඉල්ලා අස්වීමේ ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එකඟ නොවූ බවටයි.
කෙසේවෙතත් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සියලු අමාත්‍යවරුන්ගේ එකගතාවයෙන් සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර අද(04) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.
එමෙන්ම නව සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නම මෙන්ම වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නමද යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ .
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, එම තොරතුරු සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි .
තවද නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට හිටපු අග්‍රාමාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවටද තොරතුරු සමාජ මාධ්‍ය වල සහ කට කතා පැතිර ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |