අමාත්‍ය ඩග්ලස් දේවානන්දට පහරදුන් දෙදෙනාට ලැබුණු දඬුවම

Douglas Devananda Sri Lanka
By Sewvandhi Oct 26, 2022 11:01 AM GMT
Report

1998 වසරේ කළුතර බන්ධනාගාරය තුළදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට උල් ආයුධවලින් පහරදී මරාදැමීමට තැත්කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට දඬුවම් නියමකර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුවන්ට මාස 22ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර එය වසර 15කට අත්හිටුවීමට නියෝග කළේය.

එක් එක් විත්තිකරුට රුපියල් 40,000 බැගින් දඩ මුදල් ද නියම කෙරිණි. ඊට අමතරව එක් එක් විත්තිකරුවකු ඩග්ලස් දේවානන්ද මහතාට රුපියල් ලක්ෂය බැගින් ගෙවිය යුතු බවට නියෝග කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now