ඕමාන් කාන්තා ජාවාරමේ මහා මොළකරු ගැන තොරතුරු රැසක් හෙළි කළ "ඩුබායි සුද්දා" CIDයට ගිහින් කරපු දේ. (VIDEOS)

Sri Lanka
By Wayomi Dec 07, 2022 12:07 PM GMT
Report

ඕමානයට කාන්තාවන් යවා සිදුකරන මිනිස් ජාවාරමක් පිළිබඳ පසුගියදා තොරතුරු රැසක් එළියට පැමිණියා.

මෙම සිදුවීම පසුපස සිටින ප්‍රධානීන් සෙවීමට රහස්‍ය මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ඊට අදාළ මහා මොළකරු යැයි පැවසෙන පුද්ගලයෙක් පසුගියදා කටුනායකදී අත්අඩංගුවට ද ගැනුණා.

මේ අතර නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් "ඩුබායි සුද්දා" නමැති පුද්ගලයෙක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඡායාරූප සහ වීඩියෝ පෙන්වමින් මෙම මිනිස් ජාවාරම ගැන තොරතුරු රැසක් හෙළි කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ එම චෝදනා වලට ලක් වූ පුද්ගලයෙකු විසින් ඩුබායි සුද්දාට එරෙහිව අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

ඒ අනුව අද(07) දිනයේ ඩුබායි සුද්දා අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ද ලබාදුන්නා.

එහිදී ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW