16 කට මරු කැඳවමින් නිවාස සංකීර්ණයක ගින්නක් (විදෙස්)

Dubai
By Sewvandhi Apr 16, 2023 10:40 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඩුබායි හි නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවය. අල්රාස් ප්‍රදේශයේ පිහිටි අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ ගින්න හටගෙන තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයින් ද කුමන ජාතිකයින් ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.

ඩුබායි රාජ්‍යයේ මිලියන 3.3ක් වන ජනගහනයෙන් සියයට 90ක්ම විදේශිකයින් බව සඳහන්ය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now