කරටි කැඩෙන්නම ගහලා ඇවිත් රාජ්‍යය සේවයේ නිරත රජයේ සේවකයා
කැකිරාව තැපැල් කාර්‍යාලයට අද(21) දවල් තම අවශ්‍ය සේවවන් ඉටුකරගැනීමට පැමිණි ජනතාව තරමක අපහසුතාවයකට පත් ව තිබෙනවා.
එයට හේතුව වි තිබුනේ එම අවස්තාවේ තැපැල් කාර්යාලය විවෘතව තිබුනද කිසිදු නිලධාරියකු තැපැල් කාර්‍යාලය තුල නොසිටිමයි.
තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති බීමත්ව සේවකයින්ට පරුෂ වචනයෙන් බැණ වැදීම හේතුවෙන් තම සේවාව නවතා දමා කාර්යාලයෙන් ඉවතට ගොස් වැඩ වර්ජනයක නියැලෙන සිටින බවයි, පසුව පැමිණි ජනතාව කල සොයා බැලීමේදී දැනගැනීමට ලැබී ඇත්තේ.
ඉන් අපහසුතාවටතාවය පත් පුද්ගලයකු මේ පිලිබදව කැකිරාව පොලීසිය දැනුවත් කර තිබෙනවා. ස්ථානාධිපතිවරයා සේවා කාමරයේ මේසය මත හිස තාබාගෙන මත්වී නිදා සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
ඉන් අනතුරුව කැකිරාව පොලිස් නිලදාරීන් එම ස්තානයට පැමිනි අතර , ඉහල පොලිස් නිලදාරියකු තැපැල් නිළධාරීන් කාර්යාලය තුලට ගෙන්වා මහජනයාට සිදුවී තිබෙන අපහසුතාවය හේතුවෙන් වැඩ ආරම්භ කරන ලෙසට කීවද , එම නිලදාරීන් එයට එකඟනොවූයේ ගනුදෙනුකරුවන්ගේ මුදල් නිසි ආකාරයට භාර ගැනීමට ස්ථානාධිපතිවරයා එම අවස්තාවේ නොහැකි වූ නිසාවෙනි.
ඉන්පසුව පොලීසිය මැදිහත් වීමෙන්, තැපැල් කාර්‍යාලයේ කාර්යාලය සේවකයින් ලවා සේප්පුව අගුලු දමා , ඉහල නිලදාරියකුට යතුර භාර දී ස්ථානාධිපතිවරයා පොලිස් අත් අඩංගුවට ගෙන කැකිරාව පොලීසියට රැගෙන ගියා.
පැයකට අසන්න කාලයක් ඇනහිට තිබූ සේවාව ඉන් අනතුරුව නැවත ආරම්භ කෙරුණා. මේ පිලිබදව තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන බවයි, පොලීසිය සදහන් කලේ.