පොලීසියට කොටු වූ දෙමස්සිනාලා..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 15, 2022 04:09 AM GMT
Report

 කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී ,අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය පවසති.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ හතරක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා එකම නිවසක පදිංචිව සිටින අතර පරවියන් සහ සුරතල් මසුන් විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවත් බුද්ධි නිලධාරීන්ට ගම්වාසීන් ලබාදුන් සාර්ථක තොරතුරක් අනුව වැටලීම සිදුකළ බවත් පොලීසිය පවසයි.

ඉකුත් කාලය පුරා මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් වසමේ ආරක්ෂක කමිටු රැස්වීම් අමතමින් ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ දෙමස්සිනාලා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි. 

 සැකකරුවන් දෙදෙනාට එරෙහිව මීට පෙරද හොරෙයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවත් පොලීසිය පවසයි. වයස අවුරුදු 30 හා 36 අතර පසුවන සැකකරුවන් දෙදෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මොරගහහෙන පොලීසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now