අක්මාවේ මේද තැන්පත් වීම වළක්වන කිරිබතේ ඇති දිව්‍ය ඔසු..!

Cancer Cholestrol Liver
By Sewvandhi Jun 06, 2023 05:54 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

කිරිබත යනු ලාංකිකයන්ගේ මෙන්ම ලොව පුරා ජනතාව අතර ඇති සුවිශේෂී රසවත් ආහාරයකි. උපන්දින සාදයට, අවුරුදු දිනයට වෙනත් ඕනෑම සුභ කටයුත්තක් සිදු කරන අවස්ථාවකදී කිරිබත් පිළියෙළ කරනු ලැබේ. එනම් ඕනෑම සුබ කටයුත්තක් සිදු කරන මුල් අවස්ථාවේ කිරිබත් යනු සුබදායි මෙන්ම ගුණදායි ආහාරයකි.

කිරිබත් පිසින විට ගෘහණියන් නොයෙක් ආකාරයට කිරිබත් සකස් කරන අතර එහිදී ස්වභාවික රසකාරක ,ධාන්‍ය වර්ග එකතු කරනු ලැබේ. එනම් කිරිබත් පිළියෙල කරන විට රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් සුවඳැල් වැනි සහල් වලින් පිලියෙල කිරීම වඩාත් ගුණදායකය.

එමෙන්ම මේ සඳහා යොදාගනු ලබන ස්වභාවික රසකාරක එනම් රම්පේ, එනසහල් ,කරදමුංගු ආදී රසකාරක එකතු කිරීම ද ගුණදායකවේ. එනම් කිරිබත් පිළියෙල කරන විට එකතු කරනු ලබන අමුද්‍රව්‍ය මගින් එහි ගුණාත්මකභාවය හා රසය වැඩිකර ගත හැකිය.

රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් කිරිබත් සකස් කිරීමේදී භාවිතා කළ යුතුය. එනම් එමගින් ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. රතු කැකුළු සහල් හෝ සුවඳැල් වැනි සහලකින් සකස් කළ කිරිබත් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගත හැකිය.

ඊට අමතරව එහි අඩංගු තන්තු හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මගින් ශරීරයේ නොයෙකුත් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. විශේෂයෙන් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින්ට වඩාත් සුදුසු වන්නේ රතු කැකුළු සහල් වලින් පිළියෙල කරනු ලබන කිරිබත් ආහාරයට ගැනීමය.

එනම් රතු සහල්වල ග්ලයිසීමික් අගය මධ්‍යම අගයක් ගනු ලබන අතර සුදු සහල් වල රතු සහල් වලට වඩා ග්ලයිසීමික් අගය ඉහළ අගයක් ගනු ලබයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු වන්නේ රතු කැකුළු සහල් වලින් සකස් කළ කිරිබත්ය. මේ ආදී වශයෙන් කිරිබත් සකස් කරන විට නිවසෙහි දියවැඩියා රෝගයට ගොදුරු වූ පුද්ගලයකු ඇත්නම් රතු කැකුළු සහල් වලින් කිරිබත් පිසීමට කටයුතු කිරීම බෙහෙවින් වැදගත්වේ.

කිරිබත් සකස් කිරීම සඳහා යොදාගනු ලබන පොල් කිරි වල අඩංගු ඖෂධීය ගුණ

කිරිබත් සකස්කිරීමේදී යොදා ගනු ලබන තවත් එක් අමුද්‍රව්‍යයක් ලෙස පොල්කිරි නම් කළ හැකිය. එනම් පොල්කිරි මගින් කිරිබත රසවත් වනවා සේම එහි ගුණය ද වැඩි වෙයි. අතීතයේ පොල් කිරි වෙනුවට එළකිරි භාවිතා කර තිබුණද වර්තමානය වනවිට වැඩි දෙනෙක් භාවිතා කරනු ලබන්නේ පොල්කිරිය.

එනම් පොල් කිරි වල අඩංගු මධ්‍ය දාම මේද අම්ල ශරීරයට වඩාත් හිතකරවන අතර පොල්කිරි කෝප්පයක මධ්‍ය දාම මේද අම්ල ග්‍රෑම් 50ක් පමණ අඩංගුවේ. ඊට අමතරව තන්තු ,ප්‍රෝටීන් ද වැඩි වශයෙන් අඩංගුවේ. එමෙන්ම විටමින් සී, යකඩ ,පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, තඹ,සෙලනියම්,ෆොලේට්…

මේ ආදී ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් පොල් කිරි වල අඩංගුවේ. එනම් පොල්කිරි ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකිය. ඒ අතර, 

  1. අක්මාවේ මේදය ලෙස තැන්පත් නොවේ. ආහාර රුචිය අඩු කරන නිසා ශරීර බර පාලනය කරන පුද්ගලයින්ට ගුණදායකය.
  2. ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි. රුධිරගත හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කරන අතර අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.
  3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි. නිව්මෝනියාව ,ක්ෂය රෝගය වැනි රෝගයන්ට හේතු වන වෛරස් විනාශ කරනු ලබයි.
  4. පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා සෛල ඇතිවීම වළක්වයි.
  5. මීට අමතරව කිරිබත් ආහාරයට ගැනීමේන් ඔක්කාරය ,වමනය ,උදර ගත වේදනා, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඇතිවන රෝග සුවකර ගත හැකිය.

එමෙන්ම මෙහි රසය වැඩිකර ගැනීමට එකතු කරගන්නා එනසහල් ද රෝග සුව වීම සඳහා උපකාරීවේ.

  1. ආම්ලිකතාවය සමනය කරයි. කිරිබත් සකස් කිරීමේදී යොදා ගන්නා එනසහල් ආම්ලිකතාවය ඇතිවීම පාලනය කරනු ලැබේ.
  2. ඊට අමතරව එනසාල් වල අඩංගු ඇරෝමැටික රසායනික සංඝටක මානසික ආතතිය වැනි මානසික ගැටලු සමනය කර මනස ප්‍රබෝධමත් කරයි.
  3. ලිංගික ශක්තිය වර්ධනය කරයි. එනම් මදසරු භාවය, ලිංගික බෙලහීනතාවය දුරුකර ලිංගික ශක්තිය වැඩිදියුණු කරයි.
  4. එනම් රතු කැකුළු සහල් වල හා පොල්කිරි වල අඩංගු සින්ක් මේ සදහා ප්‍රභල දායකත්වයක් ලබාදේ


 කිරිබත් පිසින විට එකතු කරන රම්පේ වල අඩංගු ඖෂධීය ගුණ

  1. වර්තමානයේ කරන ලද පරීක්ෂණ වලට අනුව තහවුරු වී ඇත්තේ රම්පේ ආහාරවලට එකතුකර ගැනීමෙන් රුධිරගත සීනී මට්ටම පාලනය කර ගත හැකි බවය. එනම් රම්පේ වල ඇල්ෆා ග්ලූකොසයිඩේස් නිශේධක අඩංගු වීම මීට හේතුවන බවයි.
  2. එමෙන්ම රම්පේ ආහාරයට එකතු කර ගැනීමෙන් අග්න්‍යාශයික සෛලවල ඉන්සියුලින් ප්‍රමාණයද වැඩි කර ගත හැකිය.
  3. මීට අමතරව කිරිබතට රම්පේ එක් කර ගැනීමෙන් උදරගත රෝග , අජීර්ණය,බඩ පිපුම, මළබද්දය ඇතිවීම සමනය කර ගත හැකිය. පිළිකා ඇති වීම පාලනය කර ගත හැකිය.
  4. අක්මාවේ විෂ ඉවත් කර ගත හැකිය.මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට රම්පේ කිරිබතට එකතු කිරීම ගුණදායකය.

මේ අයුරින් බලන විට ඈත අතීතයේ පටන් කිරිබත් ගුණදායක එමෙන්ම රසවත් ආහාරයක් ලෙස පිලියෙල කොට කටට සැර ලුණු මිරිසක් සමග සෑම සියලු දෙනාම පාහේ එකසේ රසවිඳිනු ලබන ප්‍රචලිත ආහාරයක් තවත් ලොව නැති තරම්ය. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now