සිසුන් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් සිසුවියන්ගේ සංඛ්‍යාව ද ඉහළට - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..

Sri Lanka
By krishani Dec 07, 2022 08:51 AM GMT
Report

පාසල් සිසුවියන් ද මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණිමේ අවස්ථා ඉහළ ගොස් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

මීට පෙර නාගරික පාසල් ආශ්‍රිතව පමණක් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම් පිළිබඳව වාර්තා වුව ද වර්තමානයේ එය ග්‍රාමීය පාසල් දක්වා ද වර්ධනය වී ඇති බව ඒ මහතා පැවසී ය.

ළමුන් 13,000කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම ඇතුළු කාරණා නිසා ළමා නිවාසවල රැඳී සිටින බව සහ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අපයෝජන සිද්ධීන් හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join