ඇප ලැබූ පුතා පැන ගියාට පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක්.

Sri Lanka Police Sri Lanka Drugs Court of Appeal of Sri Lanka
By Piyumika May 29, 2024 11:52 AM GMT
Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ(28) දින මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළේය.

මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම යන කරුණ පදනම් කරගෙන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට මෙම දඩය නියම කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළහොත් ඇප රාජසන්තක කරන බවද දන්වා සිටියේය.

යළිත් මුහුද ගොඩට ගලයි. - ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්.

යළිත් මුහුද ගොඩට ගලයි. - ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්.

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කිරීමට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩය නියම කෙරිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇපකරු ලෙස රුපියල් ලක්ෂ හතලිහක ශරීර ඇපයකට අත්සන් කළ මොහොමඩ් නජීම් වන්දනා ගමනක් යෑම සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ඒ අවස්ථාවේදී අදාළ අවසරය ලබාදීමට පෙර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්දැයි අධිකරණයෙන් විමසා සිටියේය.

බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්. - දෙදෙනෙක් අතුරුදන්. - (VIDEO)

බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්. - දෙදෙනෙක් අතුරුදන්. - (VIDEO)

පසුව අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණය මගහැර පලායෑම ,ඇපකරුට සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකිවීම යන කරුණු මත ඇප රාජසන්තක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ අතර නැතහොත් අදාල ඇපය දඩයක් ලෙස ගෙවන ලෙසට නියම කළේය.

කුකුල් මස් මිලට එකවරම සිදුවූ දේ.. නව මිල ගණන් මෙන්න..

කුකුල් මස් මිලට එකවරම සිදුවූ දේ.. නව මිල ගණන් මෙන්න..

මෙහිදී ලක්ෂ 40ක මුදලක් තැන්පත් කිරීමට නොහැකි බව ඇපකරු අධිකරණයට දන්වා සිටියේය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ විස්සක දඩයක් ඇපකරුට නියම කරමින් විදේශගතවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි