පුටීන්ට ඉලක්ක වූ ඩ්‍රෝන ප්‍රහාරය - (VIDEO)

Vladimir Putin Russo-Ukrainian War Russian Federation
By Sewvandhi May 03, 2023 02:31 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ක්‍රෙම්ලිනය සඳහන් කළේ, රුසියානු ජනාධිපති පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කළ බවයි. ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වූ බව ක්‍රෙම්ලිනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයටම පැමිණ තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියාව සමත්ව වූ බවයි. රුසියානු බලධාරීන් පවසන්නේ විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එම යානා බිම හෙලූ බවය.

මෙම ප්‍රහාරක ඩ්‍රෝන යානාවල කොටස් ක්‍රෙම්ලිනය අවට ප්‍රදේශවලට වැටී ඇතිබවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ කෙසේ වෙතත් එම සුන්බුන් හේතුවෙන් කිසිදු ගොඩනැගිල්ලටකට හෝ හානියක් සිදුව නොමැති බවය.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධිය වන අවස්ථාවේ රුසියානු ජනාධිපති පුටින් ක්‍රෙම්ලිනය තුළ සිට නොමැති බවයි. මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව යුක්‍රේනය වෙත සෘජුවම චෝදනා එල්ලකරණ අතර සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

එසේම රුසියානු බලධාරීන් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත අවධාරණය කර සිටින්නේ මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර නිසි වේලාවට එල්ලකිරීමට රුසියාවට අයිතියක් ඇති බවය. මේ අතර ක්‍රෙම්ලිනය වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ප්‍රහාරය මුල්කරගනිමින් රුසියානු ජනාධිපතිවරයාගේ කිසිදු ඉදිරි වැඩසටහනක් වෙනස් නොකරන බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now